ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පාවෙන් මේ දක්වා පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
එමෙන්ම 1500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රබලත්වයකින් කිලෝමීටර් 8 ක ගැඹුරකින් මෙම භූ කම්පනය සිදු වුණා.
එරට බලධාරීන් ප්‍රකාශ කළේ මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.
භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සදහන් කළේ පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති අතර ඒවා පිළිවෙළින් රික්ටර් මාපකයේ ඒකක 4.5 සහ 5.2 දක්වා පරාසයක පවතින බවයි.
භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයටයි.