ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 150 ක් පමණ තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය රික්චර් මාපකයේ 6.3 ක ප්‍රබලත්වයකින් යුත් බවයි.
භූකම්පනය කිලෝමීටර් 28 ක් ගැඹුරකින් හට ගෙන ඇති බව ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.













