ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ ඊයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.