නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපළ ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා.
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයාගෙන ඇති බවට ඇහැළියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇති කරුණු අනුව මාහිංගොඩ, ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 3ක් වූ ඉඩම් කැබැලි තුනක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදී ගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව නීති විරෝධී ලෙස වත්කම් උපයාය ගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකාරිය වයස අවුරුදු 45ක් පමණ වන මාහිංගොඩ, ඇහැළියfාගඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඒ අනුව සැකකාරියගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින හතක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













