මහනුවර ඇසල පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික්වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර මහනුවර ඇසළ පෙරහැර ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවැත්වෙනවා.
සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට සැලකිය යුතු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතුවන අතර මෙම අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමුඛ වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.
මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර පෙරහැර නැරඹීමට බිම ඉඳගැනීම සඳහා බැතිමතුන් යොදා ගන්නා ඉටි කොළ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.
එබැවින් ඒ සඳහා විකල්ප භාවිත කරන ලෙස ද එලෙස භාවිත කරන ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ලෙස හෝ නැවත නිවෙස් වෙත ගෙන යන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් ඉල්ලා සිටිනවා.
මෙම තත්ත්වය නිසා වසර ගණනාවක් මුළුල්ලේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, ශ්‍රී දළදා මාලිගාව, මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව, මහනුවර පොලිසිය, ගඟවට කෝරළේ ප්‍රාදේශී ලේකම් කාර්යාලය, ගඟවට කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිස් පරිසර ඒකකය, පාරිභෝගි සේවා අධිකාරිය යන ආයතනයන් සහ පරිසර හිතකාමී ව්‍යාපාරික ප්‍රජාව එක්ව කසළ නිසි ලෙස බැහැර කිරීම, තහනම් ප්ලාස්ටික් සහ පරිසර හිතකාමී ජීවන පැවැත්මේ වැදගත්ම සම්බන්ධවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම සහ වීථි නාට්‍ය පෙන්වීම සිදුකරන අතර තහනම් ප්ලාස්ටික් වැටලීම් මෙන්ම කසළ කළමනාකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාතේ පාසල් 43ක පමණ පරිසර නියමු දරුවන් යොදා ගනිමින් වීථි නාට්‍ය, විරිඳු, ගීත නාටක සහ නැටුම් ආදී විශේෂාංග යොදා ගනිමින් කසළ කළමනාකරණය පිළිබඳ පෙරහැර පැවැත්වෙන දිනයෙහිදී දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසල බැහැර කිරීමේද පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒම සහ භාවිතය හැකිතාක් අවම කිරීමෙන්ද පරිසරය රැකගැනීමට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු බැතිමතුන්ට සිහිපත් කර සිටිනවා.