කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍ය 2025 පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජුලි මස 25 වන දිනට යෙදෙන සුබ නැකතට සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑන මහතා කියා සිටියේ.
දියවඩන නිලමේවරයා මේ බව කියා සිටියේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කෙරෙන දිනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ අද(19) පැවැති සාකච්ඡාවේදීයි.
දේවාල අභ්‍යන්තර පෙරහැර දින පහක් පැවැත්වීමෙන් පසුව පළමු කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා සිට අගෝස්තු මස 03 වනදා දක්වා වීදි සංචාරය කෙරෙනු ඇති.
ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 04 වනදා බවයි දියවඩන නිලමේවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ.
අවසන් රන්දෝළි පෙරහැර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන ජුනි මස 08 වැනිදා රාත්‍රීයේ වීදි සංචාරය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බව මෙහිදී දියවඩන නිලමේවරයා සහ සතර මහා දේවාලයන්හි නිලමේවරුන් කියා සිටියා.
මින් පෙර මෙරට හීලෑ අලි ඇතුන් 200ක් පමණ සිටියත් එම සංඛ්‍යාව මේ වන විට 90ක් දක්වා පහත බැස ඇති බවයි එහිදී අනාවරණ වූයේ.