ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා.
එම දරුවා අඩි 100ක් පමණ පහළකට වැටී සිටි බවත් සිද්ධිය සැලවීමත් සමගින් ෆ්ලයින් රාවනා ඇඩ්වෙන්චර් පාක් කණ්ඩායමේ ගලවා ගැනීමේ සාමාජිකයන් එම ස්ථානයට ගොස් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
සාර්ථකව දරුවා වෙත ළඟා ගලවා ගැනීමේ කණ්ඩායම ඇය ආරක්ෂිතව දැරියගේ මව සිටි ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.
තම දියණිය ආරක්ෂිතව බේරාගැනීම සම්බන්ධයෙන් විදෙස් ජාතික මව සියලු දෙනාමට ස්තුතිය පුද කළ බවයි වාර්තා වන්නේ.













