ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත් 13 වැනිදා හටගත් ගින්න නිවා දමා තිබෙනවා.
යුද හමුදාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඊයේ වන විට ගින්න නිවා දැමූ බව ඇල්ල පොලිසිය පවසනවා.
මෙම ගින්නෙන් අක්කර 600ක් පමණ විනාශවී ඇතැයි පොලිසිය සඳහන් කලා.
මෙවැනි ගින්නකදී එය නිවා දැමීමට ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා වල සහාය ලබා ගත් අතර මෙවර ගුවන් හමුදාවේ සහාය රජය ඉල්ලීමක් නොකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
ගුවන් හමුදා හෙළිකොප්ටර් සහාය ලබා නොගත්තේ වියදම වැඩි නිසා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවා.
ඒ සම්බන්ධයෙන් තමා ආරක්ෂක ලේකම්වරයාගෙන් ද විමසූවිට බවත් එසේම එම හෙළිකොප්ටර් මගින් ගින්න නිවීමට ගුවනින් ජලය දැමූවද එය නිවැරදිව ගින්නට වැටෙන්නේ නැති නිසා එය සාර්ථක විසඳුමක් නොවන බව පසුගිය වසරේ දී ඇතිවූ ගින්නකදී හඳුනාගත් බව ද පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.