ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය සෙනසුරාදායි.
අනතුරට ලක් වුනේ මෙක්සිකෝවට අයත් වෛද්‍ය සැපයුම් ගුවන් යානයක්.
ෆිලාඩෙල්ෆියා පොලීසිය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ශයට පත් වි ඇති බවයි.
අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙක් , එක් රෝගියෙක් ,වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ රෝගීයාගේ පවුලේ ඥාතියෙක් ගුවන්යානයේ සිට තිබෙනවා.
ගුවන් යානය කඩා වැටීමෙන් හානියට පත් ගොඩනැගිල් වල සිටි පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් ගතව ලප්‍රත්කාර ලබන බවයි ෆිලඩෙල්ෆියා නගර කළමණාකරණ අධ්‍යක්ශ ඇඩම් තියෙල් මහතා පැවසුවේ.