දිට්වා ආපදාවෙන් විපතට පත් කොත්මලේ ප්‍රදේශයේ නායගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලද සහා කොත්මලේ නායයාමෙන් අවතැන් වූ ජනතාවට ලබාදෙන සහන සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන මහාමා්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(11) කොත්මලේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙනවා.
කොත්මලේ පාලුවත්ත, රම්බොඩගම, තවලන්තැන්න විහාරස්ථානය වෙත ගොඩස් අවතැන්වූවන් සහ මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීමෙන් පසුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
කොත්මලේ ප්‍රදේශයට පිවිසෙන සියලුම මාර්ග මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් ඒ අනුව අවතැන්වූවන්ට සහන සැලසීමට පහසුවක් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම සංචාරයට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආරච්චි මහතා සහ අනුෂ්කා තිලකරත්න මහත්මියද එක්ව තිබෙනවා.
එසේම මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.














