ප්‍රංශය විසින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටසේ මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවටයි දැක්වෙන්නේ.
එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා ඉදිකෙරෙන බවත්, එහි රැඳවියන් 500 දෙනෙකු රඳවා තැබීමට හැකි බවත් සඳහන්.
2028 වසර වන එහි ඉදිකිරීම් අවසන් කිරිමට අපේක්ෂිතයි.