ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය සියයට 20ක් දක්වා අඩුකිරීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ තුළින් මෙරට අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි .
ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දෙනාට මෙන්ම කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් සිය ස්තුතිය පල කරන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ .
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා.