විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කර තිබුණා.