අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දී ඇති, රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේයි මෙම ඉවත් වීම සිදුව ඇත්තේ.
ෆෙඩරල් සිවිල් ශ්‍රම බළකායෙන් 6.7% ක් පමණ මෙම වැඩසටහන යටතේ ඉල්ලා අස්වූ අතර එක් ලක්ෂ 54,000 කට වැඩි පිරිසක් මාස 6 කට වැඩි කාලයක සම්පූර්ණ වැටුප් ලබාගෙන තිබෙනවා.
අදාළ පාර්ශ්ව සමඟ වූ සාකච්ඡාවලින් ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වුවහොත්, මහා පරිමාණ සේවයෙන් පහකිරීම් සඳහා සැලසුම් සකස් කරන ලෙස ධවල මන්දිරය ෆෙඩරල් ආයතනවලට නියෝග කරනු ලැබුවා.
මෙම ඉල්ලා වැඩසටහන සදහා ඩොලර් බිලියන 14යි දශම 8 ක මුදලක් වැයව තිබෙනවා.
සේවකයින් ලක්ෂ දෙකකට පරිපාලන නිවාඩු සඳහා මාස අටක් දක්වා පූර්ණ වැටුප් සහ ප්‍රතිලාභ ලබාදීම ඊට හේතුවයි.
පුද්ගල කළමනාකරණ කාර්යාලය ප්‍රකාශ කළේ එක් වරක් දරණ මෙම වියදම් දිගු කාලීන ෆෙඩරල් රජයේ වියදම් අඩු කිරීමක් වන බවයි.