පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළා.
ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි.
එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් ඇමරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබෙනවා.
ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු අනුපාතය රඳවා ගනු ඇති බවත් සඳහන් කරමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම ඊයේ නිවේදනයක් නිකුත් කළා.
චීන-ඇමරිකානු වෙළඳ උපදේශනවලදී ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, 2025 වසරේ නොවැම්බර් මස 10 වනදා සිට එම නව නිවේදනය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.










