ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා .
ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බවද මෙම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා
ඇන්ටාක්ටිකාව පුරා කුරුලු උණ රෝගය එනම් H5N1 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වූයේ පසුගිය මාසයේදීය.
එතැන් පටන් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද ඉන් අනතුරුව වාර්තා වුණා