රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබෙනවා.
ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියට මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියට අදාළව පොලිස් භාරයට ගනු ලැබූ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙන බව සදහන් .
සිදුකළ විමර්ශනවලට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා .
මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ නිල නිවසේ තිබී සොයාගත් ගංජා පැළ ඇතිමලේ ස්ථානාධිපතිවරයා සිය නිල රථයෙන් රැගෙන ගොස් ඇති බවට අනාවරණය කරගැනීමෙන් පසුවයි මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ .













