දෙමටගොඩ ශ්‍රී ධම්ම මාවතේ පිහිටි නිවසක් මතට බිත්ති කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
මෙලෙස කඩා වැටී ඇත්තේ ශ්‍රී ධම්ම මාවතේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ මහලේ තිබූ බිත්තියක කොටසක් බවයි වාර්තා වන්නේ.
ඊයේ(29) රාත්‍රී කාලයේ ඇති වූ වැස්සත් සමගින් හටගත් තද සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.