රත්තනපිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ ගින්නකින් ඇගලුම් කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න පාලනය සදහා ගිනි නිවීමේ රථ 08 ක් යොදා ගත් බවයි වාර්තා වන්නේ .
ගිනි නිවීමේ හමුදාව , පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව පැය 06 ක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුණා.
ගින්නෙන් කර්මාන්ත ශාලාව අවට නිවාස කිහිපයකටද බලපෑම් එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සිදු වූ හානිය පිළිබද තක්සේරුවක් හෝ ගින්නට හේතුවක් පිලිබදව මෙතෙක් අනාවරණය වී නැහැ .