අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.
මෙම වැඩසටහන ඊයේ කොළඹ ෂඔක් රත්නදීප හෝටලයේදී පවත්වා තිබුණා.
මෙම ප්‍රතිපත්ති සංවාදය ලෝක බැංකුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගේට්ස් පදනමේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍ය සහාය ඇතිව සංවිධානය කරනවා.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්‍රතිපත්ති සංවාදය ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සංවිධානය කරන ලද්දක්.
ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ.
ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඒකාබද්ධකරණය, නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය යන අත්‍යවශ්‍ය සාධක තුනක් වැදගත් වන බවද ඇය මෙහිදී සදහන් කළා.
තාක්ෂණික විසඳුම්, කෘෂි වෙළෙඳ වැඩමුළු, සහ ආහාර පද්ධතියට කාන්තාවන්ගේ හා තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් ළඟා කරගත හැකි බවයි අග්‍රාමාත්‍යතුමිය මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ.
උණුසුම් පුවත්
- ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
- ඉන්දන හිඟය ගැන නිවේදනයක්
- ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ
- ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව අගමැතිනිය කියයි
- ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කෙරෙයි.
- හයිද්‍රාබාද් ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක්
- අතහැර දමා ගොස් තිබු සුඛෝපභෝගී වෑන් රථයක් හමු වෙයි.
- සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.