ඉදිරි කාලසීමාව තුළ ආහාර පාන සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව රසකැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන බැවින් රුධිරයේ සීනි මට්ටම සහ මේදය ඉහළ යා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව අනවශ්‍ය පරිදි රුධිරයට සීනි එක්වීම වැළකෙන ආකාරයේ ආහාර රටාවක් අනුගමනය කිරීම වඩා වැදගත් වන බවයි පෝෂණ වෛද්‍ය, විශේෂඥ ජානක මාරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.