2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙනවා.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇති.
අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුනා..
එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන ස්ථානය දිනා ගත්තා.
මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතරට, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යන රටවල් අයත් වනවා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම c කාණ්ඩයෙන් තරගවදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුවද ඇතුළත්.
ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දහවල් 12:40ට උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා..