ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සඳහා ක්ෂණික ප්‍රදානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.










