2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, සහ හොංකොං යන රටවල් සහභාගි වනවා.
එහි මූලික වටයේදී ් සහ ඊ ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙනවා.
ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්.
ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය ,හොංකොං සහ බංග්ලාදේශයයි.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමග ලබන 13 වැනිදා අබුඩාබි හීදී පැවැත් වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථාන සහ හොංකොං කණ්ඩායම් අතරයි.
එම තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 8 ට ආරම්භ වනවා.