ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද(04) පැවැත්වීමට නියමිතයි.
ඒ ප්‍රබල ඉන්දීය කන්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි.
මේ තරගාවලියේ සිව්වන තරගය ඊයේ(03) පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කන්ඩායම අතරයි.
එම තරගයෙන් ලකුණු 89ක ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 334ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන් කන්ඩායමට පන්දුවාර 44.3කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.
මේ අතර ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පාකිස්ථානයත් B කාන්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව සිටිනවා.
A කාණ්ඩාය යටතේ පාකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය තරග වදිනවා.
ඒ අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානය තරග දෙකකට සහභාගි වෙමින් එක් තරගයක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු තුනක් ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායම හිමි කරගෙන තිබෙනවා.
ඔවුන් ලබාගෙන ඇති දළ ලකුණු ප්‍රතිශතය(NRR) 4.760ක්.
මේ අතර දෙවන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම එක් තරගයකට සහභාගි වී ප්‍රසාද ලකුණු 1ක් ලබාගෙන සිටිනවා.
කෙසේ වෙතත් පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමි වූ අතර දළ ලකුණු ප්‍රතිශතයට එය බලපෑමක් වූයේ නෑ.
එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවන නේපාල කණ්ඩායම එක් තරගයකට සහභාගි වී එම තරගයෙන් පරාජය ලැබුවා.
මේ අතර B කාණ්ඩයේ පෙරමුණ ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 0.951ක දළ ලකුණු ප්‍රතිශතයක් සහ එක් තරගයකට සහභාගි වී එම තරගයෙන් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු දෙකක් ලබාගනිමින්.
දෙවන ස්ථානයේ පසුවන බංග්ලාදේශ කණ්ඩායම තරග දෙකටම සහභාගි වී එක් තරගයක් ජයග්‍රහණය කර අනෙක් තරගය පරාජයට පත්වී ප්‍රසාද ලකුණු දෙකක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
ඔවුන් ලබාගෙන ඇති දළ ලකුණු ප්‍රතිශතය 0.373ක්.
මේ අතර බී කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහභාගි වූ එකම තරගය පරාජයට පත්වූවා.
මේ අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ Shaheen Shah Afridi යි.
ඔහු ඉනිම දෙකකදී කඩුලු හයක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.
දෙවන ස්ථානයේ කඩුලු පහක් දවාගත් Haris Rauf සිටින අතර කඩුලු පහක් දවාගත් Taskin Ahmed තෙවන ස්ථානයේ පසුවනවා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉනිම දෙකකදී ලකුණු 193ක් ලබාගෙන සිටින Najmul Hossain Shantoයි.
බාබර් අසාම් ලකුණු 151ක්ද Mehidy Hasan Miraz ලකුණු 117ක්ද ලබාගනිමින් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානවල පසුවනවා.
මේ අතර තරගාවලියේ හය වන තරගය හෙවත් පළමු වටයේ අවසන් තරගය හෙට(05) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පාකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
- නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
- මෙතෙක් ඉල්ලීම් වලට විසදුම් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
- උපාධිදාරී ගුරුවරුන් බිහි කිරීම රජයේ අරමුණ බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ගිංගඟ පිටාර ගලයි
- කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්
- කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට
- බැංකු කාඩ් පතින් බස් ගාස්තු ගෙවීම අනිද්දා ඇරඹෙයි













