2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඩුබායි සහ අබුඩාබී හි සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමටයි මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.
කෙසේ වෙතත් තරඟාවලියට අදාළ තරඟ 19 අතුරින් 18 කම, තරඟ ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට තරඟ සංවිධාකවරුන් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම දිනවල එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම් තත්වය ඊට හේතු වී ඇති බවයි .
ඒ අනුව තරඟ ආරම්භය පෙර සැලසුම් කළ වේලාවව වඩා විනාඩි 30 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අදාළ තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට තරඟ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සදහන්.
තරඟ 18 ක්ම රාත්‍රී 08.00 ට ආරම්භ වනවා.
නමුත් සැප්තැම්බර් 15 වනදාට යෙදී ඇති එක්සත් අරාබි එමීර් – ඕමාන් තරඟය, තරඟාවලියේ එකම දිවා තරඟය ලෙස පැවැත්වෙනවා.