ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ නේපාලන කණ්ඩායම ලකුණු 238න් පරාජයට පත් කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක බාබර් අසාම් ලකුණු 151ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.
පන්දු යැවීමේදී ශදාබ් ඛාන් ලකුණු 27ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
- බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
- මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
- යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
- පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
- විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
- වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
- අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට













