2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා .
ඒ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඊයේ පැවති තරගයෙන් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.
ඒ අනුව එහි පළමු ස්ථානය හිමි කර ගෙන සිටින ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගෙන ඇති අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.689ක් ලෙස දැක්වෙනවා .
ඉන්දියාව මීළඟට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට නියමිතයි.
මෙම සටහනේ දෙවන ස්ථානය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.121ක් ලබා ගනිමින් .
ඔවුන් ඉන්දියාව සහ පකිස්ථානය සමඟ මීළඟට තරග වදිනු ඇති.
ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ගිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
ඔවුන් ක්‍රීඩා කළ එකම තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු කිසිවක් හිමි වී නැහැ.
ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.121ක් ලෙස සටහන්ව තිබෙනවා .
මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග කිරීමට නියමිතයි.
ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය පකිස්ථානයට හිමිව තිබෙනවා.
ඔවුන්ද ක්‍රීඩා කළ එකම තරගය පරාජයට පත් වූ අතර, ප්‍රසාද ලකුණු ලබා ගැනීමටද හැකිව නැහැ.
ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.689ක් ලෙස දැක්වෙන පකිස්ථානය මීළඟට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි.