ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් ගණන 16 ක්.
මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි..
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව සැප්තැම්බර් 13වනදා පැවැත්වෙනු ඇති.