ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ නම් කර තිබෙනවා.
චරිත් අසලක්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙක් සමන්විත වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.
නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.
චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිදු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ , චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පලමු තරගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගින්.