බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලිසිය විසින් කරුණු පැහැදිළි කිරීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථ වාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට හා දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරක අපහසුතා ඇති වන බවට හුවා දක්වමින් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇති බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පවසන්නේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.