Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආර්ථික අර්බුදය ගැන වෘත්තිය සමිති එකමුතුවකින් නිවේදනයක්

    ආර්ථික අර්බුදය ගැන වෘත්තිය සමිති එකමුතුවකින් නිවේදනයක්

    2023-10-25කියවීමට මිනිත්තු 5ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්තමානයේදී ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම පෙර නොවූ විරූ අන්දමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සහ එහි අතුරු ඵලයන්ට අනුගතව ජීවිතය හැඩගස්වා ගැනීමට සිදුව ඇති බව රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදල විසින් ලබාදෙන ලද නොයෙකුත් උපමාන හා මඟ පෙන්වීම් මත මේ වන විට රටේ සමස්ත ආර්ථික සන්ධර්භයම ගොඩ නැගී ඇති බවයි.

    රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තිය සමිතු එකමුතුව නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

     

    රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව

    මාධ්‍ය නිවේදනය

    වර්තමානයේදී ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම පෙර නොවූ විරූ අන්දමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීමට සහ එහි ආනුශාංගික ප්‍රතිපල මත ජන ජීවිතය හැඩගස්වා ගැනීමට සිදුව ඇත. මේ වන විට රටේ සමස්ත ආර්ථික සන්ධර්භය ගොඩනැඟී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ලද නොයෙකුත් උපමාන හා මඟපෙන්වීම් මතයි. එවන් පසුබිමක ශ්‍රී ලාංකික ආර්ථිකයේ ජීවනාලිය බඳුවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය බදු ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා තමන් වෙත පවරා ඇති අත්හළ නොහැකි වගකීම් ඉටු කරමින් සිටී. මහජනතාවට ඍජුවම බලපාන නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සේවාවන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා දෙනු ලබන්නේද, එසේ එකතුකරනු ලබන රාජ්‍ය බදු ආදායමෙනි. පසුගිය සෑම වසරකදීම රජය විසින් ලබාදෙනු ලැබූ ආදායම් ඉලක්ක නිසි පරිදි සැපිරීමට අප ආයතන තුනම සමත් වී ඇති අතර පැවති සෑම රජයක් විසින්ම හඳුන්වා දෙනු ලැබූ බදු ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපගේ රාජකාරිය නිවැරදිව සිදු කළෙමු.

    කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර විශාල ප්‍රමාණයක් බංකොලොත්භාවයට පත්ව වසා දැමීම, කර්මාන්තශාලාවල සේවකයන් ඉවත් කිරීම, ඒක පුද්ගල ආදායම පහත වැටීම, පිරිවැය ඉහළ යෑම හේතුවෙන් ලාභදායිත්වය අඩුවීම, බදු ආදායමට සෘජු බලපෑමක් සිදු කිරීම යන ගැටලු, පවතින ආර්ථිකයක් තුළ පවා රාජ්‍ය ආදායමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන දායකත්වය ඉහළ ගොස් ඇත.

    ඉහත ගැටලුකාරී තත්ත්වයන් පැවතිය දී පවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 19 වන දින වන විට රැස්කර තිබූ රුපියල් බිලියන 653 සමඟ සසඳන විට 2023 ඔක්තෝබර් මස 19 වන දින වනවිට රැස්කර ඇති ආදායම රුපියල් බිලියන 1229 කි. එය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාගත ඉහළම ආදායමයි.
    මෙවැනි ආදායම් දායකත්වයක් සිදු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2023 අගෝස්තු මස 27 වන දින සිට කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම් සිදුකර නොමැති අතර එමනිසා දේශීය ආදායම් පනතේ බලතල ක්‍රියාවට නැංවීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී රාජ්‍ය බදු ආදායම නිසි පරිදි අයකර ගැනීමට බාධා මතුව ඇත. මෙම තත්ත්වය අප දෙපාර්තමේන්තු තුන දිය කර හැරීමේ කුමන්ත්‍රණයක එක් පියවරක් බව අප වෘත්තීය සමිති එකමුතුව නිරීක්ෂණය කරමු.

    2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස මැද වන විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 715 ක ආදායමක් උපයා තිබේ. මෙම ආදායම් ඉලක්කය රේගු දෙපාර්තමේන්තුව ලබාගෙන ඇත්තේ ආදායම් වර්ෂයේ වැඩි කාලයක් පුරාවට වැඩි බදු ආදායමක් එකතු කරගත හැකි භාණ්ඩ වර්ග 1000කට ආසන්න ප්‍රමාණයක ආනයන තහනම් කර ඇති පසුබිමකය. මෝටර් රථ වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම වැනි රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ද එකතු කර ගත හැකිව තිබූ විශාල බදු ආදායමක් අහිමි වී ගොස් ඇත.

    ඒ අනුව 2022 වර්ෂයේ රේගු දෙපාර්තමේන්තුව විසින් උපයාගත් ආදායම වන රුපියල් බිලියන 695ක ප්‍රමාණය මෙම වර්ෂයේ මුල් මාස නවය තුළදීම අභිබවා යාමට රේගු දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. එමෙන්ම ඉදිරි මාස කිහිපයේදී උපයන බදු ප්‍රමාණයන් ඇතුළත්ව ගත් කළ වාර්තාගත බදු ආදායමක් ඉපයීමට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හැකිවනු ඇත. රටේ පවත්නා ආර්ථික තත්ත්වය සහ ආනයන සීමා සැලකූ විට මෙය විශාල ජයග්‍රහණයකි.

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලබන සුරාබදු ආදායම් සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් වර්ෂය ආරම්භයේදීම ආදායම් ඉලක්කයක් ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයයි. පසුව ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් විටින් විට සුරාබදු සංශෝධනයන් සිදු කරමින් ඊට සමගාමීව ආදායම් ඉලක්කද සංශෝධනයට ලක් කරනු ලබයි. මෙම සංශෝධන කිසිවක් කිසිඳු විද්‍යාත්මක හෝ ආර්ථිකමය පර්යේෂණයන් මත පදනම්ව සිදු කරන ලද ඒවා නොවන බව අපගේ නිරීක්ෂණයයි.

    ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් කිසිඳු විද්‍යාත්මක පුරෝකතනයකින් තොරව මත්පැන් වල මිල ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් පරිභෝජනය අඩුවී ඒ හරහා සුරාබදු ආදායම ද අඩු වීමකට ලක්ව ඇත. මත්පැන් සඳහා අය කරනු ලබන බදු ආදායම සුරක්ෂිත කිරීමේ අරමුණින් මත්පැන් බෝතල්වලට යොදනු ලබන ආරක්ෂිත මුද්‍රාවන් පිළියෙල කරනු ලබන සැපයුම්කාර සමාගමෙහි දුර්වලතා හේතුවෙන් මුද්‍රා වල නිසි ප්‍රමිතියක් පවත්වා ගැනීමට අපොහොසත් වීම හරහා වංචනික ලෙස, ව්‍යාජ ආරක්ෂිත මුද්‍රා යෙදීම භාවිතා කිරීම් වැඩි වී සුරාබදු ආදායම ට හානි සිදුවී ඇත. බීඩි නිෂ්පාදන මත අයකරනු ලබන බද්ද එකතු කිරීමට යාමේදී ද ප්‍රතිපත්ති සම්පාදකයින් විවිධ කාරණා ඉස්මතු කිරීම නිසා නිසි පියවර ගැනීමට නොහැකිව එම බදු මුදලේද අඩු වීමක් දක්නට ඇත.

    කරුණු එසේ වුවද, 2022.10.15 වන විට උපයාගෙන තිබූ රුපියල් බිලියන 134.6 හා සසඳන විට 2023.10.15 දින වන විට උසාවි දඩ හැර රුපියල් බිලියන 137.1 ක් උපයා ගනිමින් ප්‍රගතියක් වාර්තා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්වී ඇත.

    රාජ්‍ය ආයතන වශයෙන් අප ආයතන ත්‍රිත්වයෙහි වගකීම වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී ඇති ආර්ථික අර්බුදය අප පුරෝකතනය කළ අතර එවන් තත්ත්වයක් වළක්වා ගැනීමට අවශ්‍ය කරන යෝජනා අප ආයතන ත්‍රිත්වය විසින්ම වගකිවයුතු පාර්ශවයන්ට ලබා දී ඇත. අප ආර්ථිකය මේ මට්ටමට තල්ලු වී ඇත්තේ අපගේ සාධනීය යෝජනා වලට නිසි ප්‍රතිචාරයක් ප්‍රතිපත්ති සම්පාදනයන් විසින් ලබා නොදීම නිසා බව අප තරයේ අවධාරණය කරමු. එවන් තත්වයකදී අප ආයතන ත්‍රිත්වය ඉලක්ක කරගෙන ඇතැම් පාර්ශව විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා බදු ආදායම් උපදවමින් රජයට විශාල ශක්තියක් වන මෙම ආයතන බිඳ වැට්ටවීමේ පටු අරමුණින් කරනු ලබන චෝදනා බැව් අප අවධාරණය කරමු. කෙසේ වෙතත් මේ රටේ සමස්ත ජනතාව මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය වඩා හොඳින් සැලකිල්ලට ගනිමින් වඩාත් කාර්යක්ෂමව අපගේ සේවය සැලසීමට මෙම ආයතන ත්‍රිත්වයම සූදානමින් සිටින බව මේ රටේ ජනතාවට අප ප්‍රකාශ කරමු. මීට අමතරව මෙම ආයතන බිඳ වැට්ටවීමට දරණ කිසියම් උත්සාහයකදී එම අනතුර පරාජය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි, රේගු දෙපාර්තමේන්තුවෙහි සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය සමිති එකමුතුව ඒකාබද්ධව ක්‍රියා කරන බවද දන්වා සිටිමු.

    පෙර පුව​තකෝටි දෙකක අයිස් එක්ක කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා STF එකට මාට්ටු
    ඊළඟ පුව​ත සමිත දුලාන් ලක්මව රිදියෙන් සරසයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group