රජය විසින් ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.
හඬ පට ධාවකයමේ අතර රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා චෝදනා කළේ රජය විසින් බදු වැඩිකිරීමත් සමග රාජ්‍ය සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
ඒ අනුව රුපියල් 20,000 දීමනාව ජනවාරි වැටුපට එකතු කළ යුතු බවද ඔහු සදහන් කළා.
හඬ පට ධාවකයමේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ආණ්ඩුවේ දූෂණ වංචා හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
හඬ පට ධාවකය