වර්ථමාන ලෝක ආර්ථික අවපාතය හමුවේ දශක 4කට පසුව ලොව රටවල් මුහුණදුන් ඉහලම උද්ධමන අගයක් පෙන්නුම් කරන වතාවරණයක වුව ද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම් තම භාණ්ඩ හා සේවා අපනයනය කරමින් ශ්‍රි ලංකා ආර්ථිකයට සුභදායි දායකත්වයක් 2022 වර්ෂයේ දී ලබාදීමට සමත් වී තිබෙනවා.
මෙය ශ්‍රි ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 8.7 වන අතර මෙය 2021ට සාපේක්ෂව 8%ක වර්ධනයක්.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යවසායකයන් ජාතික අපනයන ආදායමට ඉහල දායකත්වයක් දක්වන අතර, විශේෂයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයෙන් 99%ක දායකත්වයක් ලබා දෙනවා.