මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විට බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වල සමස්ත මරණ සංඛ්‍යාවද 85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219 ,282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර තිබෙනවා.
මේ වනවිටත් විපතට පත්වූවන් සෙවීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරනු ලබබනවා.
මේ අතර ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඊයේ පසුවරුවේ පියවර ගෙන තිබුණා.
උණුසුම් පුවත්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්













