අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක් මගින් මේ බව අණාවරණය කර තිබුණා.
එම නිවේදනයට අනුව ආපදාවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නිවාස 14,111ක් සදහා අර්ධ වශයෙන්ද හානි සිදුව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ..
දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම නිවාස සංඛ්‍යාව 767ක් .
එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානියට පතිව තිබෙනවා.
තෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් .
එම සංඛ්‍යාව නිවාස 627ක් වන අතර තවත් නිවාස 20,813ක් අර්ධ වශයෙන්ද හානි සිදුව තිබුණා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 594ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 578ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 317ක්, සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 234ක්, සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.













