දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සමඟ ඊයේ පැවැත්වූ දුරකථන සංවාදයකදයකට එක් වෙමින්.
ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය මෙහිදී ප්‍රකාශ කර තිබුණා.
පවතින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
එමෙන්ම ආපදාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ ඉදිරියේදී ලබාදිය හැකි සහයෝගීතාව පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කර තිබුණා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














