මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 132 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විට බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වල සමස්ත මරණ සංඛ්‍යාවද 85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 176 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219 ,282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර තිබෙනවා.













