පසුගිය දිනවල දිවයින බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛයාව 640ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ තවදුරටත් පුද්ගලයින් 211 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි.
එම ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම පවුල් 473,130කට අයත් පුද්ගලයන් 1,637,960 දෙනෙක් ඉන් පීඩාවට පත්ව සිටිනවා.
එසේම පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813 දෙනෙක් තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ආපදා හේතුවෙන් නිවාස 5713ක් පූර්ණ ලෙසින් හානි සිදුව ඇති අතර තවත් නිවාස 104,805කට අර්ධ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.













