දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356 ක් අතුරුදන්.
පවුල් 448,817 කට අයත් පුද්ගලයින් 1,586,329 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89 ක්,කුරුණෑගලින් මරණ 53 ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29 ක් වාර්තා වුණා.











