රට තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු බස්නාහිර පළාත තුළ පමණක් මෙටි්‍රක් ටොන් 40,000 කට ආසන්න කසල තොගයක් ගොඩ ගැසී ඇති බව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා.
එහි සභාපති චතුර කහඳවආරච්චි මහතා කියා සිටියේ, කොටිකාවත්ත, මුල්ලේරියාව, කොළොන්නාව, කඩුවෙල යන පළාත් පාලන ආයතන තුළ මෙලෙස වැඩි වශයෙන් කසල ගොඩගැසී ඇති බවයි.
මෙම කසල තොග විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඉවත් කර ඇති බවද ඔහු සදහන් කළා.
එමෙන්ම ආපදාවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ගම්පොල නගරයේ ද මෙටි්‍රක් ටොන් 400 කට අධික කසල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.













