දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම මූලික කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ කර්මාන්ත අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කර්මාන්තකරුවන්, ව්‍යවසායකත්ව අමාත්‍යාංශය, බැංකු නිලධාරීන්, මහ බැංකුවේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම හමුවට එක් වුණා.
එහිදි අර්බුදයට ලක්වූ ව්‍යාපාර සඳහා කඩිනමින් මූල්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයකට එළඹුණා.
ඒ අනුව මහ බැංකු චක්‍ර ලේඛණයට අනුකූලව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරකයින් සඳහා මාස 03 ත් 06 ත් අතර ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් කඩිනමින් ලබා දීමට ද සියලුම බැංකු එකඟතාවය පළ කරනු ලැබුවා.
එමෙන්ම මම සහනය ලබා දීමේදී කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු නොවීම ද කර්මාන්තකරුවන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වනවා.













