ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා .
පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් මෙලෙස පොල් කිරි ආනයනය සිදු කරනු ලැබුවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා කාර්මාන්ත අමාත්‍යංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතිය අනුව මෙම පොල් කිරි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුනේ. .
එමෙන්ම, මෙම ගෙන්වන ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි.
එමෙන්ම මෙම තොගය විවෘත කිරිමේ අවස්ථාව හෙට උදෑසන 9.00 ට ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදි සිදු කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශ සඳහන කළේ..
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














