කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.
අද පෙරවරු 10 කොළඹ එස්.එස්.සී පිටියේදී ආරම්භ වූ මෙම තරගය මාර්තු මස 02 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
මෙවර තරගය ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.
මෙම තරගය සඳහා ආනන්ද විද්‍යාලීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ආශිංස නයිනායක විසින්.
එමෙන්ම නාලන්දා විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරනු ලබනවා.
මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරග 94 න් 12 ක් ආනන්ද විද්‍යාලය ජය ලබාගෙන තිබෙනවා.
නාලන්ද විද්‍යාලය ජයගෙන ඇති තරඟ ගණන 07ක් පමණයි.