ආදුරුප්පුවීදිය, කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව ආදුරුප්පුවීදිය පොලිස් පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ආදුරුප්පුවීදිය පොලිසිය විසින් වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.













