පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද බදුල්ලේදී පැවැත්වෙනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.
එය සමස්ථ දිවයිනේ පලාත් පාලන ආයතන 341 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මෙහි සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මීගහකිවුල සතිපොල පරිශ්‍රයේ දී පුනරුදයේ පුරවර සමාරම්භක උත්සවය පැවැත්වෙනවා.
අද ආරම්භ වන මෙම වැඩසටහන ලබන 21 වනදා දක්වා සතියක් පුරා පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය ආයතන රැසක සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.