තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමක් අහංගම තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවට අහංගම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අපරාධ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ගොන්නගහහේන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සැකකරු තියුණු ආයුධයක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකාරියන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව එක් කාන්තාවක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 80ක් වන තිත්තගල්ල, අහංගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුද තිත්තගල්ල, අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් පමණ වන අයෙක් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.













