Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-02

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි

    අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි

    2023-05-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.75 නැරඹු​ම්
    අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි
    අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා.

    බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකදීයි.

    බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ආත්ම භවයේදී දීපංකර බුදු වහන්සේගෙන් නියත විවරණ ලබා ඇත්තේද වෙසක් පොහොය දිනයකදීයි.

    එසේම සිදුහත් කුමාරයා දුටු සතර පෙර නිමිතිවලින් දෙවැන්න වන ලෙඩෙක් දැකීම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනක බවයි පතපොතෙහි සඳහන් වන්නේ.

    බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකදීයි.

    ඒ බුදු වහන්සේගේ තුන් වන ලංකාගමනයයි.

    එම ගමනේදී සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයකි.

    එසේම කිසාගෝතමි දේවිය විසින් නිබ්බුතා නූන සා මාතා යන නිබ්බුත පද පැවසීම, බුද්ධත්වයෙන් පසු පළමුවරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම සිදු කර ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.

    පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ වෙත පැමිණි සක්දෙව් රඳුට ලංකාවත් සිංහල ජාතියත් රකින ලෙස පැවරීමත් සිදුව තිබෙන්නේද අද වෙසක් පොහෝ දිනකදීයි.

    එසේම බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ස්මර්ණ සහ ස්මෘති ශක්තිය ඇත්තන් අතුරෙන් සහ වීර්ය ජාතීන් අතුරෙන් අගතැන්පත් ආනන්ද මහ රහතන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන කල්හි විජය කුමරුන් ලංකාවට පැමිණි ඇත්තේද දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතියාභිශේකය ලැබීමද සිදුව තිබෙන්නේ අද වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

    එසේම වෙසක් පොහෝ දිනයේදී සිදු වූ තවත් වැදගත් සිදුවීමකි අනුරාධපුර මහමෙව්නා උයනේ රුවන්වැලි සෑ රඳුන් සැදීම සඳහා විසා නැකතින් වැඩ ආරම්භ කිරීම.

    ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදු කිරීම කර ඇත්තේද වෙසක් පොහෝ දිනවලදීයි.

    එසේම මහා විහාරවංශික භික්ෂුන් වහන්සේලා වර්ෂිකව පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය පළමුවරට සිදු කර ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.

    වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම වෙරෙහ විහාරස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇති බවයි වී නිව්ස් වාර්තාකරුවන් පවසන්නේ.

    ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් එම සියලු පින්කම් සංවිධානය කර තිබෙනවා.

    එසේම දිගු කළකට පසු මෙවර කොළඹ නගර පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප සංවිධානය කර තිබෙනවා.

    කොරෝනා වසංගත තත්ත්වය අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපයේ වෙසක් උත්සවය නිසියාකාරයෙන් සැමරීමට සිංහල බෞද්ධ ජනතාවට අවස්ථාව උදා වූයේ නැහැ.

    පෙර පුව​තවෙසක් වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
    ඊළඟ පුව​ත සැකකරුවෙක් අධිකරණ සංකීර්ණයේදී ගෙල කපා ගනී

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-02

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    2026-03-02

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group