අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
තේරීපත් වු ප්‍රතිලාභීන් අතරින් බැංකු ගිණුම් විවෘත කර නැති ප්‍රතිලාභීන් තවමත් සිටින බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.
අස්වැසුම ප්‍රතිලාභ බැර කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වනවා.
එබැවින් මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකළ අස්වැසුම ප්‍රතිලාභීන් සිටි නම් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබා ගත යුතුයි.
එම ලිපිය මහජන බැංකුව , ජාතික ඉතිරි කිරීමේ බැංකුව , ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල ශාඛාවලින් පහසු ශාඛාවක් වෙත ගොස් ගිණුමක් විවෘත කර ගත යුතු වනවා.













