අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට ඉදිරිපත් වූ අයදුම්පත් 815,556කින් 766,508ක් සංගණනයට ලක් කර ඇති බව සුබසාධක ප්‍රතිලාබ මන්ඩලය පවසනවා.
ඉදිරිපත් වූ අයදුම්පත් 717,309කට කමිටු අනුමැතිය ලැබී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සඳහා අයදුම්පත් 715,146ක් ලැබී ඇති බවත් වාර්තා වනවා.
සුදුසුකම්ලාභීන්ගේ කාණ්ඩයේ අන්තදුගී පවුල් 82,996ක්, දුගී පවුල් 147,298ක් හා අවදානම් පවුල් 69,238ක් සිටින බවද සුබසාධක ප්‍රතිලාභ මන්ඩලයේ සභාපතිවරයා පවසනවා.
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි අන්තදුගී පවුල්වල වැඩි ප්‍රමාණයක් සිටින බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.
එසේම දුගී පවුල් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේද එම දිස්ත්‍රික්කයෙන් බවටයි වාර්තා වන්නේ.
සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අන්ත දුගී හා දුගී පවුල් අඩුම ප්‍රමාණය වාර්තා වන බවයි.
මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරේ අභියාචනා හා මහජන විරෝධතා භාරගැනීම මෙම මස 16 වනදායින් අවසන් වන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.